Sat. Jun 28th, 2025

රෝහිණී තලතාව පතුරු ගසයි

තලතා අතුකෝරළගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසනවා.

ඊයේ (31) කොළඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

ලතා අතුකෝරළ තමා ඉතා සමීපව ආශ්‍රය කළ කෙනෙක් බවත්, තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරගෙන සමගි ජන බලවේගයට රැගෙන ආවේ තලතා අතුකෝරළ බවත් රෝහිණී මෙහිදී වැඩි දුරටත් ප්‍රාකශ කළා.

එහිදී වැඩි දුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න,

“අතුකෝරළ මැතිණිය එදා කිව්වා රනිල් මහත්තයට බෑ කියලා, සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක යමු කියලා එතුමිය තමයි පක්ෂය කැඩුවේ. එතුමිය පක්ෂය කඩන කොට එතුමියට හිතුණේ නැද්ද මේක. සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමියට ගරහනවලු. රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් කියලා එතුමිය යනවා නම් ආයේ ටික දවසකින් කියයි රනිල්ට බෑ කියලා. මඩේ හිටවපු ඉන්නක් වගේ. එතුමිය ඉතාමත්ව වැරදි දෙයක් කරා කියලා තමයි මට කියන්න තියෙන්නේ”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *