Sat. Jun 28th, 2025

ගංගාවල ජලමට්ටම ඉහළට

May27,2024

අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවන් අද (27) උදෑසන වන විට ඉහළ ජල මට්ටම් වාර්තා කර තිබේ.

මෙම ගංගා සියල්ල අවධානයෙන් සිටිය යුතු මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ  ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.

ඒ් හේතුවෙන් ඉහත කී ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් දැනුම්දෙයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ අද උදෑසන වාන් දොරටු 4ක් විවෘත කර තිබේ. ඉන් තත්පරයට ඝන අඩි 7000ක පමණ ධාරිතාවයකින් ජලය මුදා හැරේ.

කුකුලේ ගඟ විදුලි බලාගාර ජලාශයේ වාන් දොරටු ද විවෘත කර තිබෙන අතර ඉන් තත්පරයට ඝන අඩි 80ක පමණ ධාරිතාවයකින් ජලය මුදා හැරේ. ඒ හේතුවෙන් කුඩා ගඟේ ජල මට්ටම් ඉහළ යා හැකිය.

ඒ හේතුවෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලප්‍රදේශය තුළ වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද දැනුම්දෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *