පවතින සහල් අර්බුදය සඳහා විසඳුමක් ලෙස සහල් ආනයනය සඳහා ලබා දී තිබූ අවසර කාලය හෙටින් (10) අවසන් බව වාර්තා වෙනවා.
මෙම ආනයන අවසරය අනුව පෞද්ගලික ආනයනකරුවන් විසින් සහල් මෙට්රික් ටොන් එක්ලක්ෂ පහලොස්දහසක් (115000) ආනයනය කර තිබෙනවා.
ඒ අතර රජය වෙනුවෙන් රජයේ වානිජ නීතිගත සංස්ථාවට සහල් ආනයනය කිරීමට හැකිව ඇත්තේ මෙට්රික් ටොන් හයදහසකට ආසන්න ප්රමාණයක් බව දැනගැනීමට ඇති අතර රාජ්ය අංශයේ සහල් ආනයනය සම්පූර්ණයෙන් ම අසාර්ථක වී ඇති බව ඉන් පෙනී යනවා.