විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලි බලමණ්ඩලයට දැනුම් දී ඇති බවයි.
ඒ අනුව, එම යෝජනාවලිය ලබන 8 වන දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසා තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මස 24 වෙනිදා ලංකා විදුලි බලමණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලියක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණා.