Sat. Jun 28th, 2025

හොර උපාධි නම් හෙළි කරනු: මාලිමාවට හිතවතුන්ගෙන් දොස්!

Dec11,2024 #news #slpolitics

ලබා ගෙන ඇත්තේ හොර උපාධියක් නම් කවුරුන් වුව හෙළිදරව් කළ යුතු බවත් නැතහොත් සැබැවින් ම මහන්සියෙන් උපාධියක් ගත් අයගේ උපාධියේ වටිනාකමක් නැති බවත් ජාතික ජනබලවේග රජ‍යේ ආර්ථික උපදේශකවරයෙක් වන ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි පවසනවා.

අසෝක රන්වල වත්මන් කතානායකවරයා විසින් රටට පවසා සිටි අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කතිකාවක් රටේ පැන නැගී ඇති පසුබිමක ආචාර්යවරයා සිය සමාජජාල ගිනුමක සටහනක් තබමින් මේ බව පවසා තිබෙනවා.

ආචාර්ය කීඹියහෙට්ටි ජාතික ජනබලවේගය රජය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා සහභාගි වූ කණ්ඩායම නියෝජනය කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *