කාන්තාවන්ට ලිංගික අතවර කර නිවෙස්වල භාණ්ඩ කොල්ල කා පළා යන සොර කල්ලියක් කොටු කර ගැනීමට මල්වතුහිරිපිටිය පොලිසිය සමත්ව තිබෙනවා. ඒ් පසුගිය 16 වැනි දින ඔවුන් පාලු නිවසක් කොල්ලකා පලා යමින් සිටියදීයි.
මෙම සැකකරුවන් විසින් වයෝවෘද්ධ කාන්තාවකට අතවර කර ඝාතනය කිරීමක්ද සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
මේ පිළිබඳ තොරතුරු හෙළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ කියා සිටියා.
“මේ සඳහා ඔවුන් තෝරාගන්නා නිවෙස් තමයි එක පිරිමි පුද්ගලයෙක් පමණක් ඉන්න නිවෙස්. ඒ වගේම තමයි ලොකු ඉඩමක තනි ගෙයක් විදිහට තියෙන නිවෙස් තමයි ඔවුන් තෝරාගන්නේ. මෙහිදී විශේෂත්වය තමයි ඔවුන් නිවැසියන්ගේ ඇඳුම් ඉවත් කිරීමට නැතහොත් ඉරා දැමීමට කටයුතු කරනවා. ඉන් පසුව මේ නිවැසියන් ඉදිරිපිටම මොවුන් කාන්තාවන් දූෂණය කිරීම සිදුකරනවා.
වැලිවේරිය සහ කිරිඳිවැල කියන පොලිස් වසම්වල විතරක් නෙමෙයි මීට අමතරව කිරිඇල්ල සහ ඇහැලියගොඩ පොලිස්වසම්වලත් ඔවුන් මේ ආකාරයටම, මේ රටාවටම සිදුවෙච්ච අපරාධයන් සම්බන්ධව වාර්තා වෙලා තියනවා.”