Thu. Jun 26th, 2025

පුවත්පත් ආයතනයෙන් මුද්‍රිත මාධ්‍ය ගැන හෙළිදරව්වක්

ජනාධිපතිවරණ කාල සීමාව තුළ මුද්‍රිත ජනමාධ්‍ය වාර්තාකරණයන් පිළිබඳ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අගෝස්තු 16 වන දා සිට 31 වන දා දක්වා කාල සීමාව තුළ දිනපතා සහ සති අන්ත පුවත්පත්වල මුල් පිටුවේ සහ ඇතුළු පිටුවල පළ වූ ප්‍රවෘත්ති ස‍ඳහා වෙන් වී ඇති ඉඩ ප්‍රමාණය අපේක්ෂකයින් අතර බෙදී ගොස් ඇති ආකාරයයි.

එම නිරීක්ෂණ වාර්තාව සඳහා පුවත්පත් මුල් පිටු 236ක් සහ පුවත් 2402ක් භාවිතා කර තිබෙනවා.

එහිදී ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනා අතරින් මුද්‍රිත මාධ්‍ය අවකාශයෙන් වැඩිම ඉඩ ප්‍රමාණයක් (51%) වෙන් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහටයි.

අනතුරුව සජිත් ප්‍රේමදාසට 21%ක්, අනුර කුමාර දිසානායක 17%ක් නාමල් රාජපක්ෂට 5%ක්, පාක්‍යසෙල්වම් අරියනේත්‍රිරන් සඳහා 3%ක් වෙන්ව ඇති අතර අනෙක් සියලු අපේක්ෂකයින් සඳහා වෙන් වී ඇත්තේ 3%කට අඩු ප්‍රමාණයක්.

අගෝස්තු 16 වන දා සිට 30 වන දා දක්වා දෛනිකව පුවත්පත්වල මුල් පිටුවේ පුවත් අවකාශ වෙන් වී ඇති ආකාරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවට අනුව ද වැඩිම අවකාශයක් වෙන් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහටයි.

එහි දෙවන වැඩිම අවකාශය සජිත් ප්‍රේමදාසට වෙන් කර ඇති අතර තුන්වැනි ස්ථානයේ පසුවන්නේ අනුර කුමාර දිසානායකයි.

ඊට අමතරව නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ පාක්‍යසෙල්වම් අරියනේත්‍රිරන්ට ද යම් මට්ටමකින් ප්‍රචාරණ කටයුතු සඳහා ඉඩ හිමිව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *