නව පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් ගණනාවකගෙන් මේ වන විටත් මාදිවෙල මන්ත්රී නිලනිවාස ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙනවා. මේ වන විට ලැබී ඇති ඉල්ලුම්පත් ප්රමාණය 35ක් පමණ බවයි දැනගැනීමට ඇත්තේ.
දෙසැම්බර් 3 වැනි දා සිට මෙම නිවාස ලබා දීම ආරම්භ වන අතර මේ දිනවල එම නිවාස අලුත්වැඩියා කෙරෙමින් පවතිනවා. කෙසේ වෙතත් කොළඹ සිට කිලෝමීටර් 40කට එහා පදිංචි මන්ත්රීවරුන්-වරියන් වෙත පමණක් මේවා ලබා දෙනු ලබනවා.
නිවාස සංකීර්ණයේ පිහිටා ඇත්තේ නිවාස 116ක් පමණක් බැවින් ඉල්ලුම වැඩි වී ඇතැයි සඳහන්.