Tue. Apr 29th, 2025

වී තොග පිළිබඳ වාර්තාව ජනපති අතට

Oct30,2024 #food #president #rice

මෙරට වී තොග පිළිබඳ වාර්තාව මේ සතිය තුළ ජනාධිපතිවරයාට භාර දෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පැවසුවේ වී හා සහල් තොග සමීක්ෂණය කිරීම මේ දිනවල සිදු කෙරෙන බවයි.

අනුරාධපුර ,පොළොන්නරුව හා අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක එම කටයුතු ක්‍රියාත්මක වනවා.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින වී තොග මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින තොග ද මේ යටතේ ගණන් ගැනෙනු ඇති.

පාරිභෝගික කටයුතු අධිකාරීය පැවසුවේ, පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

නාඩු සහල් සඳහා රුපියල් 220ක පාලන මිලක් පනවා ඇති අතර පාලන මිල ඉක්මවා නාඩු සහල් අලෙවි කළ හොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළා.

වෙළෙඳපොළේ නාඩු සහල් හිඟය සම්බන්ධයෙන් පසුගිය දා සහල් මෝල් හිමිකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ වෙළෙඳපොළේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *