තරමක ඉහළ වෙළෙඳ හිඟයක් පැවතිය ද විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ඉපැයීම් ඉහළ යෑම සමඟ 2024 වසරේ පළමු භාගයේ දී විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ධනාත්මකව පැවති බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා.
වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ ජූනි මාසයේ දී වාර්ෂික ලක්ෂමය පදනම මත පුළුල් වුවද, 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව පහළ ගියා.
සේවා අංශය වෙත වූ ලැබීම් (සංචාරක ඉපැයීම් හැර) 2023 වසරේ ජන.-ජූනි කාලපරිච්ඡේදය තුළ දී වූ එ.ජ.ඩො. මිලියන 1,561ට සාපේක්ෂව 2024 වසරේ ජන.-ජූනි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ.ඩො. මිලියන 1,762ක් වුණා.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2023 වසරේ ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ දී වූ එ.ජ.ඩො. මිලියන 2,823ට සාපේක්ෂව 2024 වසරේ ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ.ඩො. මිලියන 3,144ක් .
2024 වසරේ ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ දී සංචාරක ඉපැයීම් එ.ජ.ඩො. මිලියන 1,557ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2023 වසරේ ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ.ඩො. මිලියන 875ක් ලෙස වාර්තා වුණා.
2024 වසරේ ජූනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන ශුද්ධ ගෙවීම් අඛණ්ඩව වාර්තා වූ බව සඳහන්
දළ නිල සංචිත 2024 වසරේ ජූනි මාසය අවසානය වන විට එ.ජ.ඩො. බිලියන 5.7ක්
එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, 2024 වසරේ ජූනි මාසය දක්වා අතිප්‍රමාණය වී තිබෙනවා.
කොළඹ කොටස් වෙළඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2024 වසරේ ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ දී ශුද්ධ ලැබීමක් වාර්තා කලා