Wed. Apr 30th, 2025

මාලිමාව යන පාරේ යන සජබෙ රෙහාන්

තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් ජයග්‍රහණය කළහොත් මන්ත්‍රීවරුන්ට ලබාදෙන වරප්‍රසාද ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක රෙහාන් ජයවික්‍රම ප්‍රකාශ කරනවා.

මොරවක සහ දෙනියායේ ප්‍රදේශවල පැවැති රැස්වීම්වලදී ජයවික්‍රම පැවැසුවේ තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් හෝ වාහන බලපත්‍රය තමන් භාරනොගන්නා බව තම කණ්ඩායමට ප්‍රකාශ කළ බවයි.

එසේම රටේ දේශපාලනයට නැවුම් මුහුණුවල අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළ ඔහු “පෞද්ගලික ප්‍රතිලාභ ලබා නොගෙන ජනතාවට සේවය කිරීම මම විශ්වාස කරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *