Sat. Jun 28th, 2025

ආර්ථික විවාදය පිළිබද සජබයෙන් යළි සිහි කැඳවීමක්

May28,2024

සමගි ජන බලවේගය යෝජනා කළ දිනවලින් ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වෙනවා

ආර්ථික කමිටු විවාදයට ඇරයුම් කර තිබිය දී එයට ඉදිරිපත් නොවී නායකත්ව විවාදයට කළ යෝජනාව කිසිදු පැකිලීමකින් තොරව සිය පක්ෂය පිළිගෙන ඇති බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් දැනුම් දී තිබේ.

විවාද දෙක අතරින් ආර්ථික විවාදය පළමුව පැවැත්වීමත් දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබඳ සිය ස්ථාවරය එලෙසම පවතින අතර ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස අදාළ ලිපිය මඟින් මන්ත්‍රීවරයා දැනුම් දී ඇත.

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, අදාළ විවාද සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරයේ ද කිසිදු වෙනසක් නොමැති බවය.

පළමුව නායකත්ව විවාදය පවත්වා අනතුරුව ආර්ථික කමිටු විවාදය පැවැත්විය යුතු බව සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *