කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර අධ්යක්ෂ පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා ඊයේ (9) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ නිසි ක්‍රමවේදයකින් තොරව පැමිණිල්ලක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමයි.
2023 වසරේ අගෝස්තු 2 දා රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තමන් අයත් රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුත් මැණික් සහ වාහන තොගයක් එම ප්‍රදේශයේ අයෙක් පැහැර ගෙන ඇති බව පැමිණිලි කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරිවරයා උක්ත පුද්ගලයාව එම දේපළ සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තම මනාපය පරිදි ඒකපාර්ශ්විකව එම දේපළ පැමිණිලිකරු වෙත ලබා දුන් බවයි සඳහන් වන්නේ.
නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාකිරීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර විමර්ශන පැවැත්වෙනවා.