ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල අද (22 වැනිදා) සවස් වන විටදී ලබාදී අවසන් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවා.
අපේක්ෂකයකු 50% ක ඡන්ද ප්‍රතිශතයක් සහ තවත් එක් ඡන්දයක් ලබා ගතයුතු අතර කිසිදු අපේක්ෂකයකු එම ඡන්ද ප්‍රතිශතය ලබාගෙන නොමැති නම් මනාප ගණන් කිරීමට සිදුවන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.
අවශ්‍යතාවයක් මතු වුවහොත් මනාප ගණන් කිරීමේ කටයුතු සඳහා ද නිලධාරීන් සූදානම් කර ඇතැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.