Sat. Jun 28th, 2025

ප්‍රවීණ කවියාට රජයෙන් තනතුරක්!

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අභිනව සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ කිවිවර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ අද (16) සිය ධුරයේ වැඩ බාර ගනු ලැබුවා.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ 20 වැනි සභාපතිවරයා වන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ හා සිංහල ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණ කරුවකු වශයෙන් අභිමානවත් සේවාවක් සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදුකළ අයෙක්.

ඒ සමඟම නව අධ්‍යක්ෂ මණ්ඩලය ද අද දින වැඩ බාර ගැනීම සිදු වූ අතර මේ අවස්ථාවට ජන නියමු කලාකරුවන්ගේ සංගමයේ සාමාජික ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ, කමල් පෙ‍රේරා ඇතුළු පිරිසක් ද ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල්, අධ්‍යක්ෂ සේනානි බණ්ඩාර, අධ්‍යක්ෂ පද්මා බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් සහ කාර්ය මණ්ඩලය එක් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *