අතවරයකට ලක්වූ 14 හැවිරිදි දැරියක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පොලීසියට ගිය අවස්ථාවේදී එහි උප පොලිස් පරීක්ෂකවරයකු විසින් අදාල දැරියට පොලීසිය තුළදීම අතවර කර ඇති බවට වාර්තා වනවා.
මෙම දැරිය පැහැරගෙන ගොස් අතවර සිදුකළ බව පැවසෙන තරුණයාට එරෙහිව පැමිණිලි කිරීම සඳහා ඇය තම මවත් සමග කඳානේගෙදර පොලීසියට පැමිණ තිබුණේ පසුගිය 27 වැනිදායි.
එම අවස්ථාවේ දී එහි උප පොලිස් පරීක්ෂකවරයකු ද පොලිසිය තුළදීම දැරියට අතවර කිරීම සම්බන්ධයෙන් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.
එදින කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අර්ධ වාර්ෂික පරීක්ෂණය සඳහා කඳානගෙදර පොලිසියට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී මෙම දැරියගේ කටඋත්තරය සටහන් කරමින් සිටි පොලිස් කාන්තාවක් දැරිය එහි නතර කර විනාඩියකට දෙකකට වෙනත් අංශයකට ගිය අවස්ථාවේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා දැරියට අතවරයක් සිදුකර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම සිද්ධිය සැළ වූ විගස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු එහි පැමිණ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිරමැදිරියට දැමීමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.