Sat. Jun 28th, 2025

රන්ජන්ගේ මහ සමුළුවේ කුලියට ගෙන්වූ අය ගෝරි දමති!

Oct28,2024 #election 2024 #news #slpolitics

හිටපු අමාත්‍ය, ප්‍රකට නළු රංජන් රාමනායක නායකත්වය දරණ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සමුළුවෙන් පසු මංගල ගෝරියක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

සාමාන්‍යයෙන් රන්ජන්ගේ අලුත් පක්ෂයට සහභාගි වෙතැයි සිතිය හැකි පිරිසට වඩා පිරිසක් මෙම සමුළුවට සහභාගි වී සිටි අතර සමුළුව අවසන් වූ පසු එය පැවැති සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දොරටුව අසල නොසන්සුන්තාවක් හටගත්තා.

එහි නොසන්සුන්තාව ඇති කළ 200ක පමණ තරුණ පිරිසක් කියා සිටියේ මෙම සමුළුව සඳහා තමන් කැඳවූයේ රු. 3000ක් සහ කෑම එකක් දෙන බව පවසා වුවත් එය ලබා නොදුන් බවයි.

පැමිණි පිරිසෙන් කොටසකට මුදල් ලබා දුන් බවත් මුදල් අවසන් වනු තමන් දුටු බවත් තරුණයෙකු පැවසුවා.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක පවසා ඇත්තේ තමන් කිසිදා මුදල් ගෙවා කිසිවෙකු නොගෙන්වන බවත් මෙය කුමන්ත්‍රණකරුවන් පිරිසකගේ කටයුත්තක් විය හැකි බැවින් ඒ පිළිබඳව සොයා බලන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *