හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු ජනාධිපති ලෝකම්වරයෙක් වූ රජිත කීර්ති තෙන්නකෝන් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්ම්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර 18ක් අත්පත් කරගෙන ඇති බව ඇමැති සමන්ත විද්‍යාරත්න පවසනවා.
එම අත්පත් කරගැනීමට හිටපු ආණ්ඩුකාරවරයා වෙනත් නමක් සහ ව්‍යාජ ජාතික හැඳුනුම්පත අංකයක් භාවිතා කර ඇති බවත් ඔහු කියා සිටිනවා.
කේ. ටී. රංජිත් යනුවෙන් කෙටි කළ ව්‍යාජ නමක් සහ අංක 13ක් සහිත හැඳුනුම්පතක් ද යොදා ඇති බව කී ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව පැවසුවා.