ජාතික ජනබලවේග රජයේ සමහර පත් කිරීම් සම්බන්ධයෙන් සමාජයේ කතා බහක් ඇතිව තිබෙනවා.
විශේෂයෙන් ම පසුගිය දා කොළඹ මල් පාර රනිල් වික්රමසිංහගේ දේශපාලන කාර්යාලයට රැස්වූ දේශපාලන නායකයන් අතර මෙය කතාබහට ලක් වුණු බව සැලවෙනවා.
රනිල්, වජිර, මහින්දානන්ද ඇතුළු පිරිස රැස්ව සිටි අවස්ථාවේ අදහස් දැක්වූ ආශු මාරසිංහ කියා සිටියේ,
“අනුරගේ ආර්ථික උපදේශක, ඔබතුමාගේ ලේකම් මහින්ද සිරිවර්ධන, අනුරගේ ආණ්ඩුවෙ මහබැංකු අධිපතිත් නන්දලාල් වීරසිංහ, ඔබතුමාගෙ ආර්ථික සංවර්ධන කණ්ඩායමේ වැඩ කරපු දුමින්ද හුලංගමුව අනුර ළඟත් වැඩ” යනුවෙනුයි.