ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිත මුහුණට මුහුණ සජීවී විවාදයට ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහභාගී නොවන බව වාර්තා වෙනවා.
විවාදය සංවිධානය කරන මාර්තු 12 ව්‍යාපාරයට ඔහු මේ බව දන්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.
මෙම සජීවී විවාදය ලබන 07 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වන අතර එහි පළමු විවාදය සඳහා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂ අපේක්‍ෂක දිලිත් ජයවීර සහ ස්වාධීන අපේක්‍ෂක පී. අරියනේත්තිරන් එසේ සහභාගි වීමට නියමිතයි.
ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක ගේ සහභාගිත්වය සනාථ කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
විවාදයේ දෙවන හා තුන් වන වටය අපේක්ෂකයන් 12 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 08 සහ 09 දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.