Wed. Apr 30th, 2025

පෙත්සම් දෙකකට රනිල් වගඋත්තරකරු වෙයි

Oct22,2024 #court order #petition #police #ranil #syu

2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද (22) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *