Wed. Apr 30th, 2025

රනිල් දුකෙන් : හේතු කියයි

Oct31,2024 #president #ranil #vip security

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බවත් සෙසු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම ගැන තමන් කණගාටු වන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන අතර අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවයි.

ඔහු මෙම අදහස් පල කළේ මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ප්‍රකාශ කළා.

“ජනාධිපතිවරුන්ගේ ගෙවල් ඉවත් කරනවාලු. මට ප්‍රශ්නයක් නෑ. මම ගෙදරක නෙමෙයි ඉන්නේ. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මොනවට ද චන්ද්‍රිකා මැඩම්ව පන්නන්නේ. එයාට ඔය ගෙදර දෙන්න ඉන්න. මට විශේෂ දෙයක් නෑ. ඒත් මනුස්සකමට. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජීවිතයට ආරක්ෂාව උවමනාන්නම්, යුද්ධය අවසන් කරපු කෙනාට ඒ්ක හිතලා බලන්න. අද ඔක්කොමල්ලා කෑ ගහනවා එකම දේ කියලා. ඒක වෙන එකක්. අද ජනප්‍රිය නෑ මිනිස්සු අතර. ආරක්ෂාව ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දෙන්න ඕනේ කාටවුණත්. ඒක නවත්තන්න එපා. අනිත් අයට දෙන්නකෝ. මගේ ඒවා ඔක්කෝම අයින් කරන්නකෝ. දැන් මට‌ නේ බනින්නේ. කෝටි 120ක් තියෙනවා නේ චීස් කාලා, කජු කාලා. ඒකට කමක් නෑ. දැන් දීලා තියෙනවා නේ පඩි වැඩි කරනවා කියලා. කියපු ඒවා කරන්නකෝ ඔක්කෝගේම සහයෝගය තියෙනවානේ. මම කිව්වේ මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *