Wed. Apr 30th, 2025

රනිල්ගෙන් කාදිනල් හිමිටත් චෝදනා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටු පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිපියක් නිකුත් කර තිබුණා.

එම ලිපියේ දැක්වෙන්නේ, පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට තමන් කමිටු පත්කළේ ‍රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අයගෙන් පළිගැනීමට හෝ ඔවුන් පිළිබඳව විභාග කිරීමට නොවන බවයි.

පාස්කු ප්‍රහාර සිද්ධිය දේශපාලනීකරණය නොකළ යුතු බවට වන ශිර්ෂයෙන් නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ, චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ හෙළිදරව්ව පිළිබදව කරුණු සොයාබැලීමට කමිටු දෙකක් පත්කළ බවයි.

එම කමිටුවලට පත්කළ කිසිවකුත් තමන් පෞද්ගලිකව නොහඳුනන බවත් එම කමිටු සදහා නිතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබාදීමට ද කටයුතු කළ බවත් හිටපු ජනාධිපතිවරයා සිය ලිපියෙන් පවසනවා.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මේ වන විට ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන මෙම පාස්කු වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේ තමන් අතට ලැබුනු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈදාගැනීමට ඇති අකමැත්ත හේතුවෙන් එම වාර්තා ප්‍රසිද්ධි පත්නොකළ බවයි.

කාදිනල් හිමියන් තමන් සම්බන්ධව සිදුකල සියලු ප්‍රකාශ පදනම් විරහිත බවත් පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකළ යුත්තේ රදගුරු සම්මේලනය බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ පාස්කු වාර්තා ගෙනැහර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *