වසර 109කට පෙර මෙරට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කළ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් වෙත ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවරී ඇති බලතල ප්‍රකාරව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් මේ සම්බන්ධයෙන් ඊයේ (12) දිනයේදී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එවක ලංකා ආණ්ඩුකාර රොබර්ට් චාමර්ස් විසින් 1915 දී නිකුත් කළ ප්‍රකාශයක් අනුව යුධ අධිකරණයකින් සිදු කළ අසාධාරණ නඩු විභාගයකින් පසුව මෙම වීරයා මරණයට පත් කරනු ලැබුවා.
හෙන්රි පේද්‍රිස් එවක ප්රමුඛ සමාජ ක්‍රියාධරයෙකු මෙන්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කපිතන් ධුරයක් දැරූ අයෙකුද වනවා.
1915 දී ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවූ බවට ඔහුට විරුද්ධව චෝදනා නගා තිබුණා.
හෙන්රි පේද්‍රිස්ගේ මරණය එවක ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ කුමන්ත්‍රණයක් ලෙස සැලකෙනවා.
ජාතිවාදී ගැටුම් ඇති වූ පසු ඒවා සමථයකට පත් කිරීමට හෙන්රි පේද්‍රිස් කටයුතු කළ බවයි හෙළිව ඇත්තේ.
සිංහල නායකයෙකු ලෙස නැගෙන හෙන්රි පේද්‍රිස්ගේ ගමන අවසන් කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කළ බවයි ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ.