Sat. Jun 28th, 2025

රංගනට නවසීලන්තයෙන් වගකීමක්

හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්තය ඇෆ්ගනිස්තානයට එරෙහිව මුහුණ දීමට නියමිත එක්දින හා ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් සහ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයට සමගාමීව ශ්‍රී ලංකාවට එරෙහිව මුහුණ දීමට නියමිත ටෙස්ට් තරඟාවලිය වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු වශයෙන් රංගන හේරත් කටයුතු කරනු ඇති.

මීට පෙර බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කළ රංගන හේරත් එම කණ්ඩායමේ පන්දු යවන්නන් තුළ පැහැදිලි ප්‍රගතියක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු විකුම් රන්තූර් පත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *