Sat. Jun 28th, 2025

දුම්රිය වැඩ වර්ජනය තවදුරටත්

Jul11,2024 #breaking news #strike #train

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම වෘත්තීය සමිති පවසනවා.

පසුගිය 09 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

වර්ජනය හේතුවෙන් ඊයේ දිනය තුළ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණු අතර දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවකට පත්වුණා.

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා සඳහන් කළේ වර්ජනය ක්‍රියාත්මක වුවද ඊයේ දිනයේ දී දුම්රිය ගමන්වාර 70ක් පමණ ධාවනය කිරිමට කටයුතු කළ බවයි.

ඊට අමතරව ලංකා ගමනමණ්ඩලයට අයත් බස් රථ ද මගීන්ගේ අවශ්‍යතාව අනුව ධාවනය සදහා යොදවූ බව ද ඔහු ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *