Thu. May 1st, 2025

කිමිදුම්කරුවන් සහිත මැණික් ජාවාරමක් ජයටම

බගවන්තලාවේ සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ මැණික් ජාවාරමක් මේ දිනවල ජයටම සිදු වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ දිනවල බගවන්තලාව පොලිසියේ නිලධාරින් ජනාධිපතිවරණ රාජකාරි කටයුතු වල නියැලි සිටීම නිසා එය වාසියක්කර ගනිමින් බාහිර පළාත්වලින් පැමිණ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි වී සිටින පිරිසක් විසින් මෙම ජාවාරම කරගෙන යන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කිමිදුම්කරුවන් කිහිපදෙනෙකු යොදාගෙන රාත්‍රී කාලයේදී මෙම ජාවාරම ජයටම සිදු කරගෙන යන බවත් ඒ නිසා කෙසෙල්ගමු ඔයට දැඩි හානි සිදු වෙමින් පවතින බවත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *