Tue. Apr 29th, 2025

අයාලේ සුනඛයෝ බිලි ගැනීම අරඹති: හත් හැවිරිදි දරුවා මරුට!

Nov22,2024 #health #news

ගාල්ල, නෙළුව ප්‍රදේශයේ හත් හැවිරිදි දරුවෙක් ජලභීතිකා රෝගය හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. කරාපිටිය රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මේ බව හෙළිදරව් වුණා.

මෙයට මාස දෙකකට පමණ පෙර සුනඛයෙකු දරුවා සූරා ඇති බවයි හෙළි වුණේ. පසුගිය දිනක උණ රෝගය වැළඳීමෙන් දරුවාට අසාධ්‍යව ඇති අතර රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබෙනවා.

මංමාවත් පුරා සීඝ්‍රයෙන් ගහණය වැඩි වෙමින් රංචු නිර්මාණය වෙමින් යන සුනඛ ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක් ලෙසින් මේ වන විට උග්‍ර වී තිබෙනවා. නව රජයෙන් හෝ මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ඇරඹිය යුතු බව ජනතාව පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *