Sat. Jun 28th, 2025

ජනාධිපති අපේක්ෂකයන් 06ක් එක තැනට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 06 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 07 වැනි දින මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමාදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ, සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින අරියේන්ද්‍රන් යන අපේක්ෂකයන් මීට සහභාගි වනු ඇති.

මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාලිකා 07ක් සහ සමාජ මාධ්‍ය පිටු 200කට ආසන්න ප්‍රමාණයක් ඔස්සේ එම විවාදයට සජීවීව විකාශය කිරීමට බලාපොරොත්තු වන බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *