Fri. Jun 27th, 2025

අරගලය පොලු ගැසූ වියරු පොලිස් නිලධාරියෙක්ට උසස්වීමක්: බරපතළ චෝදනාවක්!

Oct4,2024 #news #police #slpolitics

ජාතික ජනබලවේග රජයේ ජනපතිවරයා විසින් පත් කරන ලද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ තනතුරට පත් කර ඇති පොලිස් අධිකාරී ටී.එම්. අජන්ත රොද්‍රිගෝ සම්බන්ධයෙන් සමාජ දේශපාලන ක්‍රියාකාරික විදර්ශන කන්නන්ගර විසින් දැඩි චෝදනා එල්ල කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කරන්නේ පසුගිය අරගල සමයේ සීමාවෙන් ඔබ්බට ගොස් වියරු ලෙස ජනතාව මර්දනය කළ මෙවැනි අයෙක්ට ලබා දුන් උසස්වීම සම්බන්ධයෙන් ජනපතිවරයා පැහැදිලි කිරීමක් කළ යුතු බවයි.

එම සටහන පහතින් –

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මහජන සාමය කළමණාකරණ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ තනතුරට පොලිස් අධිකාරී ටී.එම්. අජන්ත රොද්‍රිගෝ නමැත්‍තා පත් කර ඇත.

රොද්‍රිගෝ යනු සිය රාජකාරී සීමාවෙන් ඔබ්බට ගොස් මහජන අරගලයේ විරෝධතාකරුවන්ට අමානුෂික ප්‍රහාරයන් එල්ල කළ කුප්‍රකට නිලධාරියෙකි. ඔහුගේ වියරු හැසිරීම් සම්බන්දයෙන් පොලිස් මූලස්ථානයටත්,මානව හිමිකම් කොමිසම් සභාවටත් විවිධ පාර්ශව විසින් පැමිණිලි කිහිපයක්ම යොමු කර ඇත. මම ද එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කළ වින්දිතයෙකි.

2023 පෙබ.3 දින එල්ෆිනිස්ටන් රගගල අසල අප කළ සාමකාමී සත්‍යග්‍රහය විසුරුවා හැරීමට එල්ල කළ නින්දිත මර්දනයේ එක් අණදෙන්නකු වූයේ මොහුයි. එහිදී මගේ අතෙහි අස්ථි බිදීමක් සිදුවන පරිදි ඔහුම ඉදිරියට පැමිණ මට පහර දුන්නා මතකය.

එදා රනිල්-ටිරාන්-දේශබන්දු කල්ලියට අවශ්‍ය මැර බලකායක අණදෙන භූමිකාවක් රගදුන් මෙම සාහසික නිලධාරියාව අනුර-හරිණි ආණ්ඩුවේ පොලිස්පතිවරයා විසින් යළි අනුයුක්ත කර ඇත.

වැඩබලන පොලිස්පතිවරයාගේ මෙම කුජීත පත්කිරීම ගැන මහජන අරගලයේම ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු බලයට පත් අනුර කුමාර ජනාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු වහාම පැහැදිළි කිරීමක් කළ යුතුය.

එසේ නොවේනම් මෙය අප තේරුම් ගත යුත්තේ කෙසේද ?රටෙහි අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් වෙනුවෙන් අප සහනුමැතිය පළ කළ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පෙරළා අපට ඇරීමට සූදානම් වන ලෙසටද ?

  • විදර්ශන කන්නන්ගර

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *