ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු විසින් වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළහොත් ඔහුට සහ ප්‍රචාරක කටයුතු සිදුකරන මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිසම පවසනවා.
මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසම විමසිලිමත් වන බවත් එහිදී විද්‍යුත් මාධ්‍යය ප්‍රචාරණ කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවත් කොමිසම වැඩි දුරටත් ප්‍රකාශ කළා.
යම් අපේක්ෂකයකු විසින් වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කරන බව පෙනී ගියහොත් එම අපේක්ෂකයාට ලබාදෙන ගුවන් කාලය අත්හිටුවීමට පියවර ගනු ඇති අතර අදාළ මාධ්‍ය ආයතනවලට ඒ පිළිබඳව ලිපියක් මගින් දැනුම් දෙනු ඇති.