රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් සමාගම සහ පුද්ගලික අංශය මගින් පොහොර ආනයනය කර ගොවීන් වෙත තරඟකාරී මිලකට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
2024/2025 මහ කන්නය සඳහා පොහොර ගෙන්වීමේදී මෙම පියවර ගනු ඇති බවයි, වාර්තා වන්නේ.
මීට අමතරව කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ වෙනත් භෝග සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. උපරිම හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය සහනාධාරයක් ලෙස ලබා දෙනු ඇති