Fri. Jun 27th, 2025

හාල් – පොල් අවුලට වගකිව යුතු පෙර රජයන්: නි. ඇමැති චතුරංග

Jan22,2025 #news #slpolitics

පොල් ගෙඩි ලක්ෂ 2000ක් ආනයනය කිරීමේ ඉල්ලීමක් පොල් කර්මාන්ත මණ්ඩලය විසින් රජයට ඉදිරිපත් කර තිබු අතර අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය පොල් හිඟයක් ඇති බැවින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නි. අමාත්‍ය චතුරංග අබේසිංහ අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

පිටරටින් පොල් ගෙන ඒමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් සිටින නිසා ඔවුන්ට අමුද්‍රව්‍ය ලෙස පොල් කිරි, පොල් මද සහ පොල්තෙල් ලබා ගැනීම සඳහා පමණක් ඉල්ලීමක් කර තිබෙන බව ඔහු කියා සිටියා.

මෙම ඉල්ලීම සලකා බැලෙනවා පමණක් විනා තීන්දුවක් ගෙන නොමැති බව කී නි. ඇමැතිවරයා සහල් ප්‍රශ්නය මෙන්ම පොල් ප්‍රශ්නයද ඇති වුණේ පෙර පැවැති ආණ්ඩු ඵලදායිතාව වැඩි නොකළ නිසා බව වැඩිදුරටත් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *