Sat. Jun 28th, 2025

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම අද ඇරඹේ

Jul12,2024

අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 19) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙලෙස හෙට සිට දීප ව්‍යාප්තව සිදු කෙරෙනවා.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සහ ජූලි 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වන දිනද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වන දිනද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදි ද, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජූලි 15 දිනද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 දිනද, කලුතර, මන්නාරම, අම්පාර, කුරුණෑගල, මහනුවර, දිස්ත්‍රික්කවල ජුලි 17 වන දිනද, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජුලි 18 වන දින ද, මොණරාගල, මාතර දිස්ත්‍රික්කවල ජූලි 19 දිනද, පුත්තලම දිස්ත්‍රික්කයේ ජූලි 22 දින ද ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන අතර පළමු අදියරේදී මෙම ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව සඳහා කැඳවීමට කටයුතු කෙරෙනවා.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් එක් එක් පාසලින් පළමු අදියරේදී තෝරා ගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට කටයුතු කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *