Mon. Jun 30th, 2025

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද රජයේ මුද්‍රණාලයට

Aug16,2024

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට අද භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එය සකස් කිරීමේ කටයුතු සිදු වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 39 ක්.

ඒ අනුව 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාවට වඩා මෙවර පත්‍රිකාව තරමක් දිගු වන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

එම ප්‍රමාණය සහ වියදම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *