හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් සහ ඒ අයගේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1100 ක් පමණ වන වැය වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (06) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් නඩත්තු සඳහා වියදම වසරකට සමස්ත ලංකාවේම පොලිස් නිලධාරීන්ට බෙහෙත් ගන්න තියෙන රෝහලටවත් වියදම් කරලා නොමැති බවයි.
මෙම වියදම ඉතා ඉහළ බවත් ඒ සඳහා කමිටුවක් පත් කර හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයකට ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය අයට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බවයි.