අද දින (21) 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමට නියමිත වෙනවා. පෙරවරු 9.55ට ගණපූරණයේ සීනුව නාද කර 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වෙනවා.
පෙරවරු. 11.30 ජනපති අනුර කුමාර දිසානායක කථානායක අසුනේ මුලසුන ගැනීමෙන් පසු රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කෙරෙනු ඇති.
කෙසේ වෙතත්, සාම්ප්‍රදායිකව මංගල පාර්ලිමේන්තුවක් ආරම්භයේදී සිදු කරන ජයමංගල ගාථා ගැයීම, හමුදා ගෞරව දැක්වීම්, රථ පෙළපාලි හෝ ආචාර වෙඩි මුර කිසිවක් සිදු නොකරන ලෙස ජනපතිවරයා උපදෙස් දී ඇතැයි සඳහන් වෙනවා.
ආරම්භක සැසිය සඳහා ආරාධියන් සහ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගි වීමට නියමිතයි.