දැනට පවතින වාහන ආනයන තහනම පෙබරවාරි 1 දින සිට ඉවත් කරන බව ජනපති අනුර කුමාර දිසානායක ඊයේ (19) තහවුරු කරනු ලැබ තිබෙනවා.
රජය සතු වාහන වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ජනපතිවරයා මේ බව කියා සිටියා.
ආනයනය විවෘත කළ පසු මුල් කාලයේ වාහන මිල ගණන් වෙනස් වනු ඇති බව සඳහන් කළ ජනපතිවරයා මිල ස්ථාවරයකට පත් වූ පසු රජයේ පවතින සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන බවයි අවධාරණය කළේ. මෙය රජයේ වියදම් විධිමත් කිරීම වෙනුවෙන් රජය ගන්නා එක් පියවරක් බවයි පැවසෙන්නේ.