මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ වනවා.
ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකියි.
මහ මැතිවරණය ආශ්‍රිතව මෙතෙක් කිසිදු සිද්ධියක් වාර්තා නොවන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ නාම යෝජනා භාරදීමේ පරිශ්‍රය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.