ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්ය මණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග පිටත්වීම ආරම්භ වී තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන 7ට ආරම්භ කළ බවයි.
ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබා දී තිබෙනවා.
අද දහවල් 12 පමණ වන විට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත අදාළ නිලධාරීන් ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉන් අනතුරුව අද දිනයේදී පෙරහුරුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.
හෙට (21) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙනවා.
ඡන්දදායකයින් 17,140,354 ක් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.