තමන්ට ලැබුණු සුරා බදු බලපත්‍රයක් ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
දයාසිරිගේ මෙම ප්‍රකාශය නිසා තම කීර්තිනාමයට හානියක් සිදු වී ඇති බව පවසමින් රුපියල් මිලියන 200 ක මුදලක් ඉල්ලා ප්‍රසන්න රණතුංග විසින් දයාසිරි ජයසේකර වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
නීතිඥ නදීෂ හෙට්ටිආරච්චි මගින් මෙම එන්තරවාසි යොමු කරමින් අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ අදාළ වන්දි මුදල දින 14 ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල හා ඒ මත නෛතික පොලිය සහ නඩු ගාස්තු ද අය කරමින් නඩු පවරන බවයි.
දයාසිරි ජයසේකර විසින් කුරුණෑගල පැවැති රැස්වීමකදී හා ඉරාජ් ශෝ නැමැති යූටියුබ් චැනලය ඔස්සේ මේ බව ප්‍රකාශ කර ඇති බව එම එන්තරවාසියේ සඳහන්.
එසේම එම ප්‍රකාශය පෞද්ගලික රූපවාහිනි නාලිකාවක උදෑසන ‘පත්තරේ විස්තරේ’ වැඩසටහන මගින් සාකච්ඡාවට ලක් කර ඇති බව ද එම එන්තරවාසියේ වැඩි දුරටත් සඳහන් කර තියෙනවා.