Sat. Jun 28th, 2025

රු.11000 පගාව ගත් තැපැල් සේවකට වසර 28ක සිර දඬුවම්

Feb6,2025 #news #police

රුපියල් 11,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයෙකුට බරපතළ වැඩසහිත වසර 28ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර 07කින් ගෙවී යායුතු බවට නියෝග කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 31,000ක දඩයක් නියම කෙරුණා.

2016 වසරේ සැප්තැම්බර් මස 19 වනදා විදේශයක සිට ආනයනය කළ CCTV කැමරා කට්ටල 30ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11,000ක් අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා. 

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *