Tue. Apr 29th, 2025

පෝර්ක් කාලා හමාරයි : ළඟ තිබුණත් නඩු

Oct30,2024 #business #health #meat #pork

ඌරන් අතර අප්‍රිකානු සූකර උණ (ASF) සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඌරන් මැරීම, ඌරු මස් සහ ඌරු මස් නිෂ්පාදන විකිණීම හෝ බෙදාහැරීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ “ආසාදිත” හෝ “සැකසහිත” ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ මේ බව දක්වා තිබුණා.

නව රෙගුලාසි යටතේ, ආසාදිත ප්‍රදේශ තුළට හෝ පිටතට ඌරන් හෝ ඌරු මස් නිෂ්පාදන ප්‍රවාහනය කිරීම, ඌරන් මැරීම, ඌරන් කෘත්‍රිමව බෝ කිරීම, ඌරු මස් හා ඌරු මස් නිෂ්පාදන විකිණීම හෝ බෙදා හැරීම, ආසාදිත සත්ව මළකුණු ජල පහරවලට හෝ අක්‍රමවත්ව බැහැර කිරීම ඇතුළු ආසාදනය පැතිරීමට අදාළ ක්‍රියාකාරකම් තහනම් කර ඇත.

සත්ව රෝග පනත යටතේ මෙම නියෝගය නිකුත්කර ඇත්තේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.සී.එච්. අබේරත්න කොතලාවල විසින්.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධානී උපුල් රෝහණ ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ ඌරු මස් ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පවා අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුකිරීමට මෙම නියෝගය මත බලය ලැබෙන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *