දූෂණ, වංචා චෝදනා සහ සිරදඬුවම් පවා නියම වූ විශාල පිරිසක් ප්‍රධාන පක්ෂවලින් මහමැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත්වීම හේතුවෙන් එම පක්ෂ නාම යෝජනා පත්‍ර සකස් කිරීමේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව වාර්තා වෙනවා.
මෙම පිරිස මෙකී පක්ෂ හා සම්බන්ධව කාලයක් දේශපාලනයේ නිරතවී සිටීම, තනතුරු දැරීම සහ උදව් උපකාර කර තිබීම හේතුවෙන් ඔවුන් මගහැර යා නොහැකි තත්වයක්ද තිබෙන බැවින් අර්බුදය දරුණු වී ඇතැයි පැවසෙනවා.
විශේෂයෙන් ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයන් එවැනි චෝදනා රහිත විද්වතුන් ඇතුළු පිරිසක් වීමත්, මේ මොහොතේ රටේ ජනතාව ඉල්ලමින් සිටින්නේ පැරණි දේශපාලනයෙන් මිදුණු පිරිසක් වීමත් නිසා මේ තත්වය උග්‍රව ඇතැයි සඳහන්.
කෙසේ වෙතත් මෙවර ප්‍රධාන පක්ෂවලින් නවතම පිරිසක් ඉදිරිපත් කරන්නැයි යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. එම පක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා වාර්තා ලබාගනිමින් නාමයෝජනා පත්‍ර සකස් කරමින් සිටින බවයි වාර්තා වෙනවා.