මරදාන ටෙක්නිකිල් හංදිය පොලිස් විමර්ශන ඒකකය ඉදිරිපිට රන් ආලේපිත ඉමිටේෂන් ආභරණ අලෙවි කරන වෙළෙන්දාගෙන් ඒවා මිලට ගන්නා මුවාවෙන් සොරකමක් කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී සොරාගත් ඉමිටේෂන් පෙන්ඩනයක් සහිත මාලයක් සහ මුදුවක් පොලිස් භාරයට ගත් බවයි වාර්තා වන්නේ.
වෙළෙන්දා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ස්ථානාධිපතිවරයා විසින් සිදු කළ පරීක්ෂාවකදී සැරයන්ගේ සාක්කුවේ තිබී සැක භාණ්ඩ සොයාගත් අතර සැකකරු මරදාන පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.