Sat. Jun 28th, 2025

ආබාධිත තරුණියටත් අපහරණ: පොලිස් සාජන් සැකපිට දැලේ

Nov20,2024

අවිවාහක විශේෂ අවශ්‍යතා ඇති 27 හැවිරිදි තරුණියක් අපහරණය කළ බවට සැකපිට පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිරියාගම පොලිසියට අනුයුක්තව සේවය කළ 41 හැවිරිදි මෙම සැරයන්, වින්දිත තරුණිය අඹ ගෙන ඒමට අසල නිවසකට ගොස් ඇති විට ත්‍රීරෝද රථයක දමාගෙන රැගෙන ගොස් පැය කිහිපයකින් නැවත රැගෙනවිත් තිබෙනවා.

මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පොලිස් නිලධාරියා ගල්කිරියාගම පොලිසිය විසින් ම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *