මැතිවරණ දිනයේ සහ මැතිවරණයෙන් පසු සමාජ මාධ්‍ය හරහා සිදු කරන ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ක්‍රියා කළහොත් ඒ් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සඳහා වෙනම සේවයක් පවත්වාගෙන යන බවත් මැතිවරණ කාලසීමාවේත් ඉන් පසුවත් බුද්ධි අංශ මගින් අවශ්‍ය සම්පූර්ණ පරීක්ෂා කිරීම් සිදුකරනු ලබන බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.
රටේ සාමයට බාධාවන ආකාරයේ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂයෙන් අවධානය යොමු කරන අතර එලෙස කටයුතු කරන සමාජ මාධ්‍ය හිමිකරුවන් සම්බන්ධයෙන් සෙවීමට සමාජ මාධ්‍ය ආයතනවල සහාය ලබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ පිළිබඳ බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය යන ආයතන එක්ව කටයුතු කරනු ඇති.