Wed. Apr 30th, 2025

ප්‍රභූ ආරක්ෂකයො ආපහු ගෙන්නුවට වැඩ නෑ

හිටපු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂකයන් ඉවත් කර ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට කැඳවීමට කටයුතු කළ ද මෙතෙක් කිසිදු රාජකාරියක් තමන්ට පවරා නැතැයි එම පොලිස් නිලධාරීන් පවසනවා.

මැති ඇමැතිවරුන්ට සහ නොයෙකුත් විශේෂ පුද්ගලයන්ට මෙතෙක් ලබාදී තිබූ පොලිස් ආරක්ෂකයන් යළි ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට කැඳවීමට පොලිසිය පසුගියදා කටයුතු කළා.

ඒ අනුව තමන් එම ප්‍රභූ රාජකාරිවලින් ඉවත් වී ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට පැමිණිය ද යළි නිවෙස්වලට හරවා යැවීම සහ නිවාඩු ලබාදීම ආදිය කරන බැවින් කිසිදු රාජකාරියක් නොමැතිව තමන් අපහසුතාවට පත්ව සිටින බවයි එම නිලධාරීන් පවසන්නේ.

එසේම ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් 1200 දෙනකු පමණ එකවර මූලස්ථානයට පැමිණීමේදී එහි ඉඩකඩ මදිවීම හේතුවෙන් ද ඔවුන් අපහසුතාවට පත්ව තිබෙනවා.

තමන්ට ආසන්නතම පොලිස් ස්ථානය ඉල්ලුම් කරන ලෙස කළ දැනුම්දීමට අනුව තමන් ඒ ඒ පොලිස් ස්ථාන ඉල්ලුම් කළ ද මැතිවරණ කාලසීමාවේදී ස්ථාන මාරු කිරීමේ ගැටලු සහගත තත්වයක් ඇති වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසන බව ද ඔවුහු පෙන්වා දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *