Wed. Apr 30th, 2025

පොලිස් කොස්තාපල්වරයෙකුට රැග් එක නිසා වැඩ තහනමක්

Oct30,2024 #police #rag #suspend

පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ඇඳුම් ඉවත් කර නවක වදය ලබා දුන් බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කළ බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා.

ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් මෙසේ වැඩ තහනමකට ලක් කර තිබෙනවා.

එම සිද්ධියෙන් අගතියට පත්ව ඇත්තේ තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ආධුනික පොලිස් කොස්ප්තාපල්වරුන් තිදෙනෙකු බවයි වාර්තා වෙන්නේ.

ඉකුත් 24 වැනි දින රාත්‍රියේ එම නිලධාරීන් තිදෙනා තනිකඩ හට නිවස්නයේ රැඳී සිටියදී සැකකාර කොස්තාපල්වරයා විසින් ඇඳුම් ගලවන ලෙස නියෝග ලබාදී නිරුවත් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඒ අනුව සාපරාදී බලහත්කාරය පෑම, ලිංගික අතවර කිරීම, සාපරාදී බිය ගැන්වීම, අයුතු සිරකර තැබීම, කෲර ලෙස සැලකීම යන චෝදනා යටතේ සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *