Sat. Jun 28th, 2025

චාමරගේ යකා නැටිලි පොලීසිය දන්නෙ නෑලු

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් මැතිවරණ නීති උල්ලංඝනය කළ කාන්තාවන් හත් දෙනකු ඇතුළු 34 දෙනකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උරණ වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට කඩාවැදී පොලිස් නිලධාරීන්ට බැණ වැදී එම පිරිස නිදහස් කර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා බදුල්ල පොලීසියට පැමිණ කලහකාරී ලෙස සිදුකල ප්‍රකාශයන් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වුවත් බදුල්ල නගරයේ මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරුණු පිරිසක් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් සිදු කල විමර්ශනයකට අනුව බදුල්ල පොලීසියට රැගෙන විත් ඇති බව ඔහු ප්‍රකාශ කළා.

“රනිල්ට විතරයි – පුළුවන් ශ්‍රී ලංකා” යනුවෙන් සඳහන් කළ ටී ෂර්ට් පැළඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරුණු පිරිසක් ඊයේ (05) බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත රැගෙන විත් තිබෙනවා.

මේ පිළිබඳව ආරංචි වීමෙන් අනතුරුව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක නීතිය කාටත් එකට කරන ලෙස කියමින් මෙම පිරිස නිදහස් කරන ලෙසට පොලිසියට බැණ වැදී බලපෑම් කර ඇත්තේ බදුල්ල දිසාවේ ඉහළ පොලිස් නිලධාරීන් නම් අවංකව කටයුතු කරන බව ද සඳහන් කරමින්.

කෙසේවෙතත් රාජ්‍ය ඇමැතිවරයා බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාද හමුවී සාකච්ඡා කර ඇති අතර පසුව සහකාර කොමසාරිස්වරයා එම පිරිස මුදාහරින ලෙස උපදෙස් දී ඇති බවද වර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *